日本語学校なら、新富国際語学院へ!楽しいキャンパスライフが盛りだくさん!

ඇතුළත් වීම සඳහා විස්තර

ක්‍රියාපටිපාටිය : ඇතුළත් වීමට ඉල්ලුම් කිරීම

පැමිණීමට මාස 6 කට පෙර

  • අයදුම්පත
  • ඇතුල්වීමේ විභාගය
  • පිළිගැනීම/ප්‍රතික්ෂේප කිරීම දැනුම්දීම

පැමිණීමට මාස 4 කට පෙර

  • අවශ්‍යය ලියකියවිලි සකස් කිරීම
  • සුදුසුකම් සහතිකය සදහා අයදුම්පත (COE)

පැමිණීමට මාස 2 කට පෙර

  • සුදුසුකම් සහතිකය නිකුත් කර ඇත (COE)
  • පාඨමාලා ගාස්තු ගෙවීම් තහවුරු කිරීම
  • සුදුසුකම් සහතිකය යැවීම (COE)

පැමිණීමට මසකට පෙර

සූදානම් වීම
  • තානාපති කාර්යාලයන් ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීම
  • ශිෂ්‍ය වීසා ලබාගැනීම
  • ගුවන් ගමන් වෙන්කරවා ගැනීම
කරුණු පැහැදිලි කරදීමේ රැස්වීම (විනාඩි 30-60)
  • නවාතැන් පහසුකම් වෙන් කරවා ගැනීම
  • ගුවන් ගමන් තොරතුරු
  • “ජපානයට පැමිණීමේ” කාලසටහන
  • පාසැලේ තොරතුරු සැපයීම

පැමිණීමට සතියකට පෙර

  • ජපානයට පැමිණීම

පාසල් ආරම්භය

අයදුම් කිරීමට අවශ්‍යය තොරතුරු

ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමියට සිසුන් වසරකට සිව් වතාවක් බදවාගැනේ අප්‍රේල්, ජූලි, ඔක්තෝබර් සහ ජනවාරි මාසවලදී බඳවා ගනී.
එක් එක් බඳවා ගැනීම් සඳහා කාලසටහන පහත සාරාංශගත කර ඇත:

4 5 6 7 8 9 10 11 12 1 2 3 4 5 6 7 8 9 10
ජනවාරි බඳවා ගැනීම
අප්‍රේල් බඳවා ගැනීම
ජූලි බඳවා ගැනීම
ඔක්තෝබර් බඳවා ගැනීම

ලේඛන සකස් කිරීම

COE අයදුම්පත

විභාගය

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරීක්ෂාව

හමුවීම

පාසල් ආරම්භය

බැලීමට කරුණාකර වමට සහ දකුණට අනුචලනය කරන්න.

*කරුණාකර සියලුම ලියකියවිලි මුද්‍රණ දෝෂ සහ වැරදි නොමැතිව සකස් කරන්න. ( ජපන් පරිවර්තන අවශ්‍යයි)

‍*පාඨමාලාව වෙනස් කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

සුදුසුකම්

  1. අයදුම්කරුවන් අවම වශයෙන් වසර 12 ක විධිමත් අධ්‍යාපනයක් ලබා තිබිය යුතු වේ. (රට අනුව කාලසීමාව වෙනස් වේ).ඔහුගේ/ඇයගේ මව් රටෙහි වසර 12කට සමාන අධ්‍යාපනයක් සම්පූර්ණ කර තිබියයුතු අතර ජපානයට ඇතුළු වන විට අවම වශයෙන් වයස අවුරුදු 18 ක් වියයුතුය.
  2. තම මව් රටේ විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමට සුදුසුකම් ඇති අය ( උපාධිධාරීන් හෝ උපාධිධාරීන්ට සමාන සුදුසුකම් ඇති අය).
  3. අයදුම් කරන අවස්ථාවේදී අවම වශයෙන් පැය 150 ක ජපන් භාෂා අධ්‍යයනය සම්පූර්ණ කිරීමේ සහතිකය ඉදිරිපත් කිරීමට අයදුම්කරුවන්ට හැකි විය යුතුය.
  4. ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (JLPT) N5 මට්ටම හෝ ඊට වැඩි (අප්‍රේල් සිසුන් [2-වසර-පාඨමාලාව, ජූලි සිසුන්), “N4 මට්ටමට සමාන හෝ ඉහළ (අප්‍රේල් සිසුන් [1-වසර පාඨමාලාව, ඔක්තෝබර් සිසුන්, ජනවාරි සිසුන්)ලෙස හඳුනාගෙන ඇත.
  5. අයදුම්කරුවන් උපාධිය ලබා වසර 5ක් ඇතුළත ඔහුගේ/ඇයගේ අවසන් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුය. කෙසේ වෙතත්, ඔබට හෙද බලපත්‍රයක් (nursing license) සහ පැහැදිලි සේවා ඉතිහාසයක් තිබේ නම්, ඔහු/ඇය වයස අවුරුදු 30 ට අඩු නම් අයදුම් කළ හැකිය.

“සම්පූර්ණ අධ්‍යයන පැය සහ සහභාගී වූ සත්‍ය අධ්‍යයනයේ පැය“ වලට අමතරව, සහතිකයේ “අධ්‍යයන පැය ගණන, පැමිණීමේ අනුපාතය, පාඨමාලා අන්තර්ගතය, පාඨමාලාවේ නම, පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා භාවිතා කරන ලද පාඨමාලා ද්‍රව්‍යවල නම (අධ්‍යයන කටයුතු සදහා භාවිතාකල පොත්වල නම්) ඇතුළත් විය යුතුය.

ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය N4 හෝ N5 යනු JLPT, JPT, J.TEST, BJT, NAT-Test N4 හෝ N5 (J-Cert සහ JLCT අදාළ නොවේ). මේ සදහා කරුණාකර බඳවා ගැනීමේ අංශය අමතන්න .
කරුණාකර ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ මුල් සහතිකය ඉදිරිපත් කරන්න.

වෙනත්

ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර බදවාගැනිමේ අංශය සමඟ සම්බන්ධ වන්න.

අවශ්‍යය ලිපි ලේඛන

එක් එක් ලේඛනය මත ක්ලික් කිරීමෙන් අවශ්‍යය ලිපි ලේඛන download කළ හැකිය .

අයදුම්කරු විසින් සම්පූර්ණ කලයුතු ලිපිලේඛන
ඇපකරු විසින් සැපයියයුතු ලියකියවිලි ජපානයෙන් පිටත පදිංචිකරුවන්
  • බැංකුව විසින් නිකුත් කරන ලද බැංකු ප්‍රකාශය (සහතික කරන ලද)
  • රැකියා සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
  • උප්පැන්න සහතික (ශිෂ්‍යයා සමඟ සබඳතාවය තහවුරු කලයුතුය): මියන්මාර ජාතිකයින් සඳහා, සියලුම ගෘහස්ථ සාමාජිකයින්ගේ නම් සහිත ගෘහ ලැයිස්තුවක්.
  • ඇපකරුගේ පසුගිය වසරේ ආදායම් සහතිකය: පසුගිය වසර සඳහා බදු
    සහතිකය හෝ ආදායම් සහතිකය
ජපානයේ පදිංචිකරුවන්
සිසුන් තමන් විසින්ම වියදම් දරන්නේ නම්
  • බැංකු ශේෂ සහතිකය (අයදුම්කරුගේ ගිණුම පමණි)
  • ලියාපදිංචි වීමේ සහතිකය හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය

බැලීමට කරුණාකර වමට සහ දකුණට අනුචලනය කරන්න.

සැලකියයුතු කරුණු
  • සියලුම ලියකියවිලි වල වලංගු කාලය මාස 3 ක් ඇතුලත වේ.
  • මුල් පිටපත හැර ඩිප්ලෝමාව පිළිගනු නොලැබේ.
  • සියලුම ලියකියවිලි අයදුම්කරු විසින් බෝල්පොයින්ට් පෑනක් හෝ ෆවුන්ටන් පෑනක් භාවිතයෙන් සම්පූර්ණ කළ යුතුය.
  • ලේඛන නිවැරදි කිරීමේදී කරුණාකර නිවැරදි කිරීමේ දියර හෝ ද්‍රව්‍ය භාවිතා නොකරන්න.
  • කරුණාකර ඔබේ සම්පූර්ණ වයස සදහන් කරන්න.
*1 අයදුම්පත
  • අධ්‍යාපන පසුබිම ලිවීමේදී කරුණාකර ප්‍රාථමික පාසල, මධ්‍යම පාසල, උසස් පාසල, වෘත්තීය පාසල හෝ විශ්ව විද්‍යාලය එම අනුපිළිවෙලට ලියන්න. කරුණාකර පාසලේ නම, එහි ලිපිනය , ඇතුළත් වූ දිනය සහ අවසන් කල දිනය ලියන්න. (ආදේශ ඉදිරිපත් කිරීමට අවසර නැත)
  • වයස අවුරුදු 6 ට අඩු ප්‍රාථමික පාසලට ඇතුළත් වන්නේ නම්, අයදුම්කරු අධ්‍යයන වාර්තා පොතක් ඉදිරිපත් කළ යුතුය.
  • පාසල් අධ්‍යාපනයේ වසර 12 තුළ පරතර තිබේ නම්, ලිඛිත පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.
    (විභාගයට සූදානම් වන කාලය සහ හමුදා සේවා කාලය ඇතුළුව හිස් කාලසීමාවන් නොමැතිව ඔබගේ අධ්‍යාපනික සහ රැකියා පසුබිම පිරවීමට වග බලා ගන්න.)
*2 ආවරණ ලිපිය
  • අයදුම්කරු විසින් ෂින්ටොමි ජාත්‍යන්තර භාෂා ඇකඩමිය අධ්‍යයන කටයුතු සදහා තෝරාගත් හේතුව (අරමුණ සහ අවශ්‍යතාවය) සහ උපාධියෙන් පසු ඔහුගේ/ඇයගේ අනාගත සැලසුම් විස්තරාත්මකව විස්තර කරන්න. කරුණාකර ඔහු/ඇය විසින්ම පෝරමය පිරවීමට වග බලා ගන්න.

වෙනත්

  • අසම්පූර්ණ අයදුම්පත් භාරගනු නොලැබේ.
  • ඇතුළත් වීමේ ගාස්තු, පාඨමාලා ගාස්තු සහ අනෙකුත් ගාස්තු තත්වයන් අනුව වෙනස් වීමට යටත් වේ.
  • ගෙවන ලද පාඨමාලා ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.
  • අයදුම්කරුවන් සංඛ්‍යාව උපරිම සංඛ්‍යාවට ළඟා වූ වහාම අයදුම්පත් භාර ගැනීම අවසන් කරනු ඇත, එබැවින් අයදුම් පත් අවසාන දිනය වෙනස් විය හැකිය.
  • ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර බදවා ගැනීම් අංශය අමතන්න.

දිගුකාලීන පාඨමාලා සඳහා පාඨමාලා ගාස්තු

සියලුම අයදුම්කරුවන් යෙන් 20,000 ක අයදුම්පත් ගාස්තුවක් මූලිකව ගෙවිය යුතුය. පිළිගත් අයදුම්කරුවන්ට COE නිකුත් කරන විට පළමු වසර සඳහා 760,000 JPY ගෙවීමට අවශ්‍ය වේ.
අයදුම්කරුගේ ගෙවීම තහවුරු වූ වහාම, අපි COE සහ පිළිගැනීමේ ලිපිය එවන්නෙමු.
ගෙවීම් පමාවන අයට උපදෙස් ලබා ගත හැකි බව කරුණාවෙන් සලකන්න.

(JPY බදු ඇතුළුව)

පළමු වසර දෙවන වසර
සියළුම පාඨමාලා වසර 2 ක පාඨමාලාව වසර 1 යි මාස 9 ක පාඨමාලාව වසර 1 යි මාස 6 ක පාඨමාලාව වසර 1 යි මාස 3 ක පාඨමාලාව
අයදුම්පත් ගාස්තුව 20,000 ―― ―― ―― ――
ඇතුළත් වීමේ ගාස්තුව 30,000 ―― ―― ―― ――
පාඨමාලා 640,000 640,000 480,000 320,000 160,000
අධ්‍යයන කටයුතු සදහා භාවිතකරන ද්‍රව්‍ය සදහා ගාස්තු 25,000 25,000 18,750 12,500 6,250
වෙනත් පහසුකම් සදහා වියදම් 65,000 65,000 48,750 32,500 16,250
එකතුව 780,000 730,000 547,500 365,000 182,500

බැලීමට කරුණාකර වමට සහ දකුණට අනුචලනය කරන්න.

* ගෙවීම් කිරීම් සඳහා වන සියලුම ගාස්තු ගෙවන්නාගේ වගකීම වේ.

* පන්තියේ අන්තර්ගතය අනුව ඉගැන්වීමේ ද්‍රව්‍ය සඳහා යම් ගෙවීමක් කිරීමට සිදු විය හැකිය.

*‍ අනෙකුත් පහසුකම් වියදම් පහත පරිදි බෙදා ඇත:

(JPY බදු ඇතුළුව)

උපකරණ පිරිවැය විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා වියදම් රක්ෂණ වාරික වාර්ෂික සෞඛ්‍ය පරීක්‍ෂණ ගාස්තු එකතුව
30,000 20,000 10,000 5,000 65,000

අපව සම්බන්ධ කරගැනීම සඳහා

පාඨමාලා පිළිබඳ ප්‍රශ්න හෝ ගැටළු තිබේනම් නිරාකරනය කරගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න

043-276-5828

කාර්යාල වේලාවන්: සතියේ දිනවල උදේ 9:00 සිට සවස 5:00 දක්වා (ජපන් වේලාවෙන්)

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.