日本語学校なら、新富国際語学院へ!楽しいキャンパスライフが盛りだくさん!

පාසල් ජීවිතය පිළිබඳව

රටට ඇතුළු වීමේ සිට පාසල් ජීවිතය ආරම්භ කිරීම දක්වා

පියවර 1

ජපානයට ඇතුල් වීම

පියවර 2

ආගමන පරීක්ෂාව

පියවර 3

පාසලේ පළමු දිනය

පියවර 4

රජයේ කාර්යාලවෙත යෑම (city/ward office) සහ විවිධ ක්‍රියා පටිපාටි

පියවර 5

බැංකු ගිණුම් විවෘත කිරීම

පියවර 6

(උපදෙස්) ජංගම දුරකථන මිලදී ගැනීම

පියවර 7

ඇතුල්වීමේ උත්සවය

අවශ්‍යය ලිපි ලේඛන

පියවර 1 ජපානයට ඇතුල් වීම

නරිටා ගුවන් තොටුපළේ පර්යන්ත 1, 2 සහ 3 ඇත, සහ හනෙදා ගුවන් තොටුපළ පර්යන්ත 2 සහ 3 ඇත. ඔබ පැමිණෙන පර්යන්තය ගුවන් සමාගම මත රඳා පවතී.

ජපානයට ඇතුල් වීම
පියවර 2 ආගමන පරීක්ෂාව
①පදිංචි කාඩ්පත ලබා ගැනීම (Zairyu Card)

ඔබගේ COE (සුදුසුකම් සහතිකය), විදේශ ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ඉදිරිපත් කල විට, ඔබට ගුවන් තොටුපලේදී “පදිංච් කාඩ්පතක්“ නිකුත් කරනු ලැබේ.
ජාත්‍යන්තර සිසුන් දිගු කාලීනව රැඳී සිටින බැවින්, ඔහුට/ඇයට නේවාසික කාඩ්පතක් නිකුත් කරනු ලැබේ.
ජපානයේ රැඳී සිටින කාලය තුළ සිසුන්ට ඔහුගේ/ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සෑම අවස්ථාවකදීම ලගතබාගැනීමට අවශ්‍ය නොවන අතර, ඔහුගේ/ඇයගේ පදිංචි කාඩ්පත (Zairyu Card) ලග තිබිය යුතුය.
කෙටි කාලීන සිසුන්ට පදිංචි කාඩ්පතක් නැත, එබැවින් කරුණාකර ඔහුගේ/ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සෑම අවස්තාවකම ලගතබාගත යුතුය.

②අර්ධකාලීන රැකියා බලපත්‍රයක් ලබා ගැනීම (Part-time Work Permit)

වැඩ කිරීමට කැමති සිසුන්ට ඔහුගේ/ඇයගේ රැකියා බලපත්‍රය ගුවන් තොටුපළේ ආගමන පරීක්ෂකවරයාගෙන් පදිංචි කාඩ්පත සමඟම ඉල්ලුම් කළ හැකිය. ඉන්පසුව, සිසුන්ට සතියකට උපරිම පැය 28 ට අර්ධකාලීන ලෙස රැකියා කිරීමට අවස්ථාව ලැබේ.

* සිසුන් ගුවන් තොටුපළේදී ඔහුගේ/ඇයගේ අර්ධකාලීන රැකියා බලපත්‍රය සඳහා අයදුම් නොකරන්නේ නම්, ඔහුට/ඇයට එය අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි ආගමන කාර්යාංශයෙන් අයදුම් කළ හැකිය.

ආගමන පරීක්ෂාව
පියවර 3 පාසලේ පළමු දිනය

සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ සිසුන්ගේ දැනුම පරීක්ෂා කිරීමේ විභාගක් පවත්වා පන්ති කාලසටහන් හා අවශ්‍යය තොරතුරු ලබාදීම.

පාසලේ පළමු දිනය
පියවර 4 රජයේ කාර්යාලවෙත යෑම (city/ward office) සහ විවිධ ක්‍රියා පටිපාටි

අපගේ පාසල සිසුන්ගේ ඉල්ලීම මත විවිධ ක්‍රියා පටිපාටි සඳහා ද සහාය ලබා දෙයි.

①ලිපිනය ලියාපදිංචි කිරීම.

තමන් ජීවත්වන නගරයේ නගර කාරයාලයට(city/ward office)වෙත ගොස් ලිපිනය ලියාපදිංචි කල යුතුය.
රට තුලට ඇතුල්වී දින 14 ක් ඇතුළත ලියාපදිංචි කල යුතුවේ.

②ජාතික සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පත් නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය

කරුණාකර ඔබ ජීවත් වන නගරයේ නගර කාර්යාලයේදී(city/ward office) මෙම ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කෙරේ.
ඔබ ජාතික සෞඛ්‍ය රක්‍ෂණයට (*) ලියාපදිංචි වූ විට, ඔබට “ජාතික සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පතක්” නිකුත් කරනු ලැබේ.(මින් ඉදිරියට “රක්ෂණ කාඩ්පත” ලෙසින් හඳුන්වනු ලැබේ)

රජයේ කාර්යාලවෙත යෑම (city/ward office) සහ විවිධ ක්‍රියා පටිපාටි
ජාතික සෞඛ්‍ය රක්ෂණය යනු කුමක්ද?

ඔබ ජාතික සෞඛ්‍ය රක්ෂණයට ලියාපදිංචි වී රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේදී ඔබේ රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කරන්නේ නම්, ප්‍රතිකාර පිරිවැයෙන් 70%ක් රක්ෂණයෙන් ආවරණය වන අතර ඔබට ගෙවීමට සිදු වන්නේ 30%ක් පමණි.
මාස තුනකට වඩා වැඩි කාලයක් ජපානයේ රැඳී සිටින ජාත්‍යන්තර සිසුන් ජාතික සෞඛ්‍ය රක්‍ෂණයට ඇතුළත් වීමට අවශ්‍ය වේ.
මෙම රක්ෂණය අදාළ වන්නේ කාඩ්පත අයිතිකරුට පමණි.

*ඔබ පදිංචිය වෙනස්කරන අවස්තාවේදී, ඔබේ ජාතික සෞඛ්‍ය රක්‍ෂණයේද පදිංචි ලිපිනය වෙනස් කල යුතුය.

*ජාතික සෞඛ්‍ය රක්‍ෂණය අර්ධ කාලීන රැකියාවේදී (part-time job) සිදුවන තුවාල හෝ රෝග ආවරණය නොකරයි.

*ඔබේ විදේශ ගමන් බලපත්‍රය, පදිංචි කාඩ්පත වැනි ඔබේ සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පතද ඉතා වැදගත් හඳුනාගැනීමේ ලේඛනයක් බව කරුණාවෙන් සලකන්න.

*ඊට අමතරව, පදිංචිය වෙනස් කිරීම හෝ රැඳී සිටින කාලය දීර්ඝ කිරීම සඳහා අයදුම් කිරීමේදී ඔබේ රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට ඔබට අවශ්‍ය වනු ඇත.

පියවර 5 බැංකු ගිණුම විවෘත කිරීම

බැංකු ගිණුමක් විවෘත කිරීම . අර්ධකාලීනව රැකියා කරන විට, ඔබේ වීසා බලපත්‍රය දීර්ඝ කිරීම, ඔබේ මව් රට සමඟ මුදල් හුවමාරු කර ගැනීම සහ ශිෂ්‍යත්ව ලබා ගැනීම වැනි විවිධ අවස්ථා වලදී ඔබට බැංකු ගිණුමක් අවශ්‍ය වනු ඇත.

*ඔබ සම්පූර්ණයෙන්ම ඔබේ මව් රටට යන අවස්ථාවේදී , ඔබේ බැංකු ශේෂය 0 ලෙස සකසා ඔබේ ගිණුම වසා දැමීමට වග බලා ගන්න.

*ඔබේ පදිංචි කාඩ්පත, රක්ෂණ කාඩ්පත, පාස්පොත, හෝ බැංකු මුදල් කාඩ්පත කිසිවිටෙක කිසිවෙකුට කිසිම හේතුවක් නිසා ණයට දෙන්න එපා.
අපරාධ සංවිධානයක් විසින් එය අනිසි ලෙස භාවිතා කරන්නේ නම්, එහි හවුල්කරුවෙකු බවට පත්වන අතර දැඩි දඬුවම්වලට යටත් වේ.

බැංකු ගිණුම විවෘත කිරීම
පියවර 6 ජංගම දුරකථන මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටිය (අවශ්‍ය අය සඳහා පමණි)

ජපානයේ රැකියාවක් සොයන විට ඔබට ඔබේම දුරකථන අංකයක් අවශ්‍ය වේ.
තවද, ජපානයේ ජීවත් වීමට අවශ්‍ය විවිධ ක්‍රියා පටිපාටි සඳහා ඔබගේ සම්බන්ධතා තොරතුරු ඔබෙන් අසනු ලබන බැවින් එය ඉතා පහසු වේ.

ජංගම දුරකථන මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටිය
පියවර 7 ඇතුල්වීමේ උත්සවය

පාසැල් වාරය ආරම්භ විය. අපි හැමෝම එකට අපේ උපරිමයෙන් වැඩ කරමු!

ඇතුල්වීමේ උත්සවය

නේවාසිකාගාරය ගැන

අවශ්‍ය නම් නියෝජිතයින්ට හෝ සිසුන්ට නේවාසිකාගාර සහාය ගැන පාසැලේ බදවාගැනිමේ අංශයෙන් ඉල්ලා සිටිය හැක.
පාසැලට ඇතුළත් වීමට මාසයකට පෙර, ඔහු/ඇය ජීවත් විය යුතු ස්ථානය තීරණය කර ඇත්දැයි අපි සිසුන්ගෙන් අසන්නෙමු.

හැකිතාක් දුරට, අපි ඔහුගේ/ඇයගේ අවශ්‍යතා සපුරාලන ශිෂ්‍ය නේවාසිකාගාරයක් සොයන්නෙමු, නමුත් නේවාසිකාගාර හවුල්කරු තීරණය කරන ලබන කුලිය සැලකිල්ලට ගතයුතු අතර ඔහුගේ/ඇයගේ කැමැත්ත සම්පුර්ණයෙන්ම සපුරාලිය නොහැකි බව කරුණාවෙන් සලකන්න. (මූලික පිරිවැය සහ මාසික වියදම් කල්තියා ඉදිරිපත් කරනු ලැබේ)

නේවාසිකාගාරය ගැන
නේවාසිකාගාරය ගැන
නේවාසිකාගාරය ගැන
නේවාසිකාගාරය ගැන
නේවාසිකාගාරය ගැන
නේවාසිකාගාරය ගැන
නේවාසිකාගාරය ගැන
නේවාසිකාගාරය ගැන
නේවාසිකාගාරය ගැන

අර්ධකාලීන රැකියා ගැන

“ශිෂ්‍ය” වීසා යටතේ ජපානයට ඇතුළු වූ පසු ඔහු/ඇයට සතියකට පැය 28ක් දක්වා අර්ධකාලීනව රැකියාවක් කළ හැකිය.

සිසුන්ට අර්ධකාලීන රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය නම්, පාසැලේ බඳවා ගැනීමේ අංශය එයට සහාය වනු ඇත.
අපි සිසුන්ගේ රැකියා අවශ්‍යතා ගැන අසා, සිසුන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා දින ලබාදෙනුඇත.

ගිම්හාන විවේකය වැනි දිගු නිවාඩු කාලය තුළ, අපගේ පාසල විසින් නිකුත් කරන ලද දිගු නිවාඩු සහතිකයක් සිසුන් අර්ධකාලීන සේවා යෝජකයා වෙත ඉදිරිපත් කරන්නේ නම් සිසුන්ට සතියකට පැය 40ක් දක්වා වැඩ කළ හැක.

සිසුන් අර්ධකාලීන රැකියා නියමිත වේලාවන් ඉක්මවා හෝ අවසර ලබා නොගෙන අර්ධකාලීනව සේවය කරන්නේ නම්, ඔහු/ඇය නීතී උල්ලංඝනය කරන අතර ඔහුට/ඇයට විදේශයන්හි අධ්‍යාපනය දිගටම කරගෙන යාමට නොහැකි වනු ඇත.
තවද සිසුන්ට පචින්කෝ සහ ලිංගික ක්‍රියාකාරකම් සිදුවන ස්ථාන වල රැකියා කිරීම තහනම්ය. (එම ස්ථානය වල පිරිසිදු කිරීමේ රැකියා කිරීමද තහනම්වේ )

අර්ධ-කාලීන රැකියා සදහා උදාහරණ

  • බෙන්ටෝ වැනි ආහාර නිශ්පාදන ආයතන
  • නිෂ්පාදන පරීක්ෂණ සේවා
  • අවන්හල්වල මුළුතැන්ගෙයි රැකියා
  • අවන්හල්වල හෝල් වල රැකියා
  • පිරිසිදු කිරීමේ සේවා
  • ගමන් මලු ප්‍රවාහනය ආයතනවල රැකියා යන ආදීය
අර්ධකාලීන රැකියා ගැන

අපව සම්බන්ධ කරගැනීම සඳහා

පාඨමාලා පිළිබඳ ප්‍රශ්න හෝ ගැටළු තිබේනම් නිරාකරනය කරගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න

043-276-5828

කාර්යාල වේලාවන්: සතියේ දිනවල උදේ 9:00 සිට සවස 5:00 දක්වා (ජපන් වේලාවෙන්)

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.