日本語学校なら、新富国際語学院へ!楽しいキャンパスライフが盛りだくさん!

පාසැල ගැන

ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමිය

ජපානයේ අධ්‍යාපනය ලැබීම තුළින් එකිනෙකාගේ සංස්කෘතීන් ගැන ඉගෙන ගෙන අවබෝධ කර ගනිමින් ජාත්‍යන්තර සමාජයේ සංවර්ධනයට දායක විය හැකි මානව සම්පත් සංවර්ධනය කිරීමේ කාර්යභාරයක් ඉටු කරන පාසලක් ලෙස 2016 වසරේ අප පාසල විවෘත විය.

අපට දීප්තිමත් හා ගෘහාශ්‍රිත වාතාවරණයක් ඇති අතර විවිධ රටවලින් පැමිණෙන සෑම සිසුවෙකුම අපි අගය කරමු.
බොහෝ රටවල සිසුන් එකට අධ්‍යාපනය ලැබීමෙන්, ඔවුන්ට ජපානය සහ වෙනත් රටවල් ගැන ඉගෙන ගත හැකි අතර, නොදැනුවත්වම ජාත්‍යන්තර මානසිකත්වයක් ලබා ගත හැකිය.

ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා පාසල පිහිටා ඇති චිබා, ටෝකියෝවට යාබදව පිහිටා ඇති අතර හොඳ ප්‍රවාහන සම්බන්ධතා ඇති ජීවත් වීමට ඉතා සුවපහසු ස්ථානයක් වේ. පාසල අවට ප්‍රදේශය නිස්කලංක නේවාසික ප්‍රදේශයක් වන අතර එය විශිෂ්ට ඉගෙනුම් පරිසරයක් වේ.

අපගේ පාසල සිසුන්ට ඔවුන්ගේ අනාගත වෘත්තීන් ගොඩ නැගීමේ පියවරක් ලෙස සේවය කරන අධ්‍යාපන ආයතනයක් වන අතර, ජපන් සංස්කෘතිය, සිරිත් විරිත් සහ ජපන් චින්තන ක්‍රම පිළිබඳව ඉගෙන ගැනීමට බොහෝ අවස්ථාවන් නිර්මාණය කරමින් ‘ජපානයෙන් ගෝලීය මානව සම්පත් සංවර්ධනය කිරීම’ අපගේ අරමුණයි.

ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමිය

අපගේ දර්ශනය

දර්ශනය

ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමිය සිසුන්ට තම මව් රටේ සහ ජපානයේ ශක්තීන් ඒකාබද්ධ කරමින් සහ එම ශක්තීන් ප්‍රයෝජනයට ගනිමින් “ජපානයෙන් ගෝලීය නවීන ලෝකය වෙත දක්ෂ මානව සම්පත් දායාදකරන“ස්ථානයක් ලෙස සැලකිය හැක.
අපි ක්‍රියාකාරී සන්නිවේදනය තුළින් මූලික ජපන් භාෂා කුසලතා වැඩි දියුණු කිරීම, ප්‍රායෝගික ජපන් ඉගෙනීම සහ රැකියා හෝ උසස් අධ්‍යාපනය ඉලක්ක කරගත් සිසුන් සඳහා ජපන් සිරිත් විරිත් පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලික සිහින සැබෑ කර ගැනීමට කටයුතු කරන්නෙමු.

අරමුණ

අපගේ පාසලේ දර්ශනය වන්නේ “ජපානයෙන් ජාත්‍යාන්තරයට දක්ෂ මානව සම්පත් දායාදකිරීමයි”. ඔවුන් කුමන තත්වයකට මුහුණ දුන්නත් ජපන් භාෂාව හෝ ඔවුන්ගේ මව් භාෂාව භාවිතයෙන් නිසි ලෙස සන්නිවේදනය කළ හැකි පුද්ගලයින් අපි සංවර්ධනය කරන්නෙමු.
අපගේ පාසලේ ඉගෙනීම තුළින්, සිසුන්ගේ විශ්වාසය හා සිනහවෙන් පිරී ඇති වාතාවරණයක් නිර්මාණය කිරීම සහ ඔවුන් වටා සිටින මිනිසුන් සතුටට ගෙන යා හැකි පුද්ගලයන් බවට ඔවුන් වර්ධනය කිරීම අපගේ අරමුණයි.

ඉලක්ක

විවිධ සංස්කෘතීන්, සිරිත් විරිත්, සාරධර්ම සහ තනතුරු දරන පුද්ගලයින්ට ගරු කරමින්, අවබෝධයෙන්, සහයෝගීව, සමාජයට දායක වෙමින් ගෝලීය පරිසරයක් තුළ දියුණු විය හැකි මානව සම්පත් සංවර්ධනය කිරීම අපගේ අරමුණයි.
සිසුන් විවිධත්වයට ගරු කරන අතර අනාගතයට තම පියාපත් විහිදුවීමේ හැකියාව වර්ධනය වේ.
අපගේ ඉලක්කය වන්නේ ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (N2) හෝ ඊට ඉහළ සමත්, ජපානයේ දී වඩා උසස් දේවල් ඉගෙන ගෙන ඒවා ප්‍රායෝගිකව භාවිතා කළ හැකි සිසුන් බිහි කිරීමයි.

සුභ පැතුම්

සභාපතිතුමාගේ සුභ පැතුම් පණිවිඩය

සභාපති: කසු මියකේ.

ආයුබෝවන්!මම ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමියෙහි සභාපති කසු මියගේ.

සියලුම සිසුන්ට මෙන්ම මටද විදේශයන්හි අධ්‍යාපනය ලැබීමේ අත්දැකීම් තිබේ. විදේශයක ජීවත් වීම නිසා ජපානය පිළිබඳ හොඳ දේවල් සහ මගේ පවුල කෙරෙහි කෘතඥතාවේ හැඟීම මට නැවත වරක් අවබෝධ විය.

ඔබ ජපානයේ ශිෂ්‍යයෙකු ලෙස ගත කරන කාලය තුලින් ‘ඔබේ මව් රටේ යහපත්කම’ අවබෝධ කර ගැනීමටත්, ඔබට විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට ඉඩ දීම ගැන ඔබේ පවුලේ අයට සහ දෙමාපියන්ට ඔබේ කෘතවේදීත්වය ලබාදීමටත් අමතක නොකරන්න. ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමියෙහිදී ඉගෙනීමට ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමිය යනු ඔබට සෑම දිනකම සිනහවකින් ගත කළ හැකි අතර විනෝද වෙමින් ඉගෙන ගත හැකි ස්ථානයකි.
සිසුන් උපාධිය ලැබීමෙන් පසු “මම ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමියෙහි ඉගෙනීම ගැන සතුටුයි” යැයි පැවසීමට සිසුන්ට ආඩම්බර විය හැකි පරිසරයක් අපි නිර්මාණය කරන්නෙමු.

ඔවුන්ට වඩා හොඳ ශිෂ්‍ය ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීම සඳහා සිසුන්, පවුල්, පීඨය, කාර්ය මණ්ඩලය සහ නියෝජිතයන් සමඟ එක්ව කටයුතු කරන්නෙමු.
තවද, අනාගතයට මඟ පෙන්වන ගෝලීය ජාලයක් ගොඩනඟමු.

සභාපති: කසු මියකේ.

විදුහල්පතිතුමාගේ සුභ පැතුම් පණිවිඩය.

හිඩෙහො කොන්ඩො, විදුහල්පති.

ආයුබෝවන්! මම කොන්ඩො, මම ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමියෙහි විදුහල්පති.
අපගේ වෙබ් අඩවියට පිවිසීම ගැන ඔබට ස්තුතියි.

අපගේ ඉලක්කය සහ බලාපොරොත්තුව වන්නේ සෑම සිසුවෙකු ගැනම සැලකිලිමත් වීමයි.
සිසුන්ට: – සාමකාමි මනසකින් ජපානයේ ජීවත්වීමට සැලැස්වීම – ප්‍රායෝගික හා ප්‍රයෝජනවත්ලෙස ජපන් ඉගෙන ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම – සිසුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උදව් කිරීම

ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමියෙහි විවිධ රටවල සිසුන් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සතුටින් විනෝදයෙන් කරගෙනයති.
ෂින්ටෝමිහි අධ්‍යයන කටයුතු කරන සිසුන්ට ජපානයේ පමණක් නොව විවිධ රටවල සංස්කෘතීන් ඉගෙන ගැනීමට හැකිවේ.
ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමිය සිසුන්ගේ උපරිම දක්ෂතා සදහා සහ සිසුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපරිමයෙන් කටයුතු කරනු ඇත.

ඉතින්,ඔබ කැමති නම්, ඔබ අප සමඟ එකතුවී ඉගෙන නොගන්නේ මන්ද? අපි ඔබව මෙහි දැකීමට,හමුවීමට බලාපොරොත්තු වෙමු.

හිඩෙහො කොන්ඩො, විදුහල්පති.

ප්‍රවේශය

චිබා 262-00222-5-19 මිනමි-හානාසෝනො,
හනමිගාවා, චිබා, චිබා
දුරකථන+81 43-276-5828
ෆැක්ස්+81 43-307-5524
ලගම දුම්රිය ස්ථානයJR Shin-Kemigawa දුම්රිය ස්ථානයේ සිට මිනිත්තු 5ක් පයින් Keisei Kemigawa දුම්රිය ස්ථානයේ සිට මිනිත්තු 8ක් පයින්

ස්වයං-පරීක්ෂණ ඇගයීම

SY2024 ස්වයං පරීක්‍ෂාව සහ ඇගයීම් ප්‍රතිඵල මෙතැනින් ඩවුන්ලෝඩ් කරගත හැක.

SY2020 SY2021 SY2022 SY2023

අපව සම්බන්ධ කරගැනීම සඳහා

පාඨමාලා පිළිබඳ ප්‍රශ්න හෝ ගැටළු තිබේනම් නිරාකරනය කරගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න

043-276-5828

කාර්යාල වේලාවන්: සතියේ දිනවල උදේ 9:00 සිට සවස 5:00 දක්වා (ජපන් වේලාවෙන්)

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.